දායක සභාවෙන් ඇතුන් බේරා ගැනීමට ගිනි තබමු

විචිත්‍ර

ඇත්තු මරණ එක නවත්වන්න නම් ඇත්තු එක්ක බැඳී තියෙන මිත්‍යාව මැරිය යුතුය.

 

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඛේදජනක ඉරණමත් එක්ක ඇත් දළ ජාවාරම් ගැන කාගේත් අවධානයට ලක්වෙලා. ඇයි මිනිස්සු මෙච්චර ඇත් දළ වලට කැමති ?. ඒකට ප්‍රධාන කාරණය විදියට මම දකින්නේ ඇත් දළ පිළිබඳව සෑහෙන්න මිථ්‍යා විශ්වාසයන් සමාජය තුල මුල් බැසගෙන තිබීම කියලයි. ඒක ආසියානු මහද්වීපය තුළ අන් මහද්වීප වලට වඩා දරුණුවටම මුල් බැසගෙන තියෙනවා. චීනය තුළ වැඩිම ඇත් දළ ජාවාරම් වාර්තා වීම ඊට සාක්ශි සපයනවා.

 

මොනවද ඇත් දළ එක්ක තියෙන මිත්‍යා විස්වාස ?

 

ඇත් දළ කිව්ව ගමන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නෙ මළ ගෙවල් වල මිණිය දෙපැත්තේ තියෙන දළ යුගලය. ඇයි එහෙම තියන්නෙ ?. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ?.

 

තවත් ඇත් දළ තියෙන ප්‍රසිද්ධම තැනක් තමයි පන්සල්….
පන්සල් වලට මොකටද ඇත් දළ ?
ඒවා තියන් ඉන්නෙ පන්සල්වල මහන්තත්වය තියා ගන්න මිසක් වෙන මොකකටද ?

 

හීනෙන් බය වෙනවට අලි බඩ අස්සෙන් පොඩි එකාව රිංගවන එකේ ඉඳං, දළදා මාලිගාවෙ කරඬුව දෙපස තියෙන දළ දෙක දක්වාම තියෙන්නේ මිත්‍යාව. ඇත් දළ ආභරණ පැළඳීම, අලි කෙඳි අත් පළඳනා පැළදීම, කම්මුල් ගායට අලි හක්ක ගෑම ඒ අතර බොහොම ටිකක් විතරයි.
මේ හැම මිත්‍යාවක්ම හැදිලා තියෙන්නේ ඇතාට කෙළවෙන විදිහට මිසක් ඌව රැකෙන ආකාරයට නම් නෙවෙයි. ඒකනෙ ඒ සතාගේ ආරක්ෂාවට ස්වභාවයෙන් ලැබෙන දළ යුගලම උගේ ආරක්ෂාවට තර්ජනය වෙන්නම කාරණයක් වෙලා තියෙන්නේ.

ඉතින් ඒකට මොකක්ද කරන්න තියෙන්නේ ?.

 

ඇත් දළ වලට දීලා තියෙන පුහු සංස්කෘතිමය වටිනාකමේ අගය ශූන්‍ය කරන්න ඕනෙ. කොහොමද ඒක කරන්නෙ ?.

 

ඒකට කරන්න ඕනෙ ඔය පන්සල් වල, වලව් වල, මාළිගාවල තියෙන සේරම දළ එකතු කරලා ගිණි තියන්න ඕනෙ. ඇතාට වාසි වෙන විදියට මිත්‍යාව උඩු යටිකුරු කරන්න ඕනෙ. ඒක කරන්න ලේසි නෑ…. ඒත් කරන්නම වෙනවා…. නැතිනම් ලෝකයේම ඉන්න ඇත්තු ටික අනතුරේ….

 

 

මම කැමතියි ඔය ලංකාවෙ තියෙන හැම ඇත් දළයක්ම මේ ඡායාරූපවල තියෙන විදිහට ගිණි තියලා විනාශ කරලා දානවනම්….
මල් ශාලාවෙ තියෙන ෆයිබර් දළේ පටං කරඬු ඉස්සරහ තියෙන සංකේතාත්මක දළේ දක්වාම විනාස කරලා දාන්න ඕනෙ….

 

(මං දන්නවා මේකට දායක සභාවෙ කට්ටිය ආවේස වෙනවා කියලා)
😂😂😂


බුද්ධික ප්‍රදීප් අතුකෝරල

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (67%)
  • සතුටුයි (9%)
  • හිනා යනවා (12%)
  • දුකයි (6%)
  • තරහයි (6%)