පියුමි හංසමාලි පැවිදි වෙයි

ආරංචි
පියුමි හංසමාලි පැවිදි වෙයි

ඔන්න අපි හිතමුකෝ පියුමි හංසමාලි ඇත්තටම පැවිදි වුනා කියලා. දැන් ඇත්තටම එහෙම වෙලා නැහැ. අපි මේ කියන්නේ එහෙම වුනොත් එහෙම මොකද වෙන්නේ කියලයි.

 

ලංකාවේ ප්‍රධාන පෙලේ ගොසිප් සයිට් කිහිපයක් එවැනි පුවතක් වාර්තා කරන්නේ මේ විදියට.

 

පියුමි පැවිදි වෙන්න හේතුව මෙන්න

සුර සැප හැර දමා පියුමි හංසමාලි පැවිදි වෙයි

එයා සල්ලි දීලත් මාත් එක්ක ඉන්න උත්සහ කළා. ඒත් මම කැමති වුනේ නෑ. ඒකයි කලකිරිලා පැවිදි වෙන්න ගිහිං තියෙන්නේ

පින්වත් හංසමාලි කුල කුමරිය පැවිදි බිමට

කෙසෙල් ගෙඩි පහරින් කළකිරී පියුමි පැවිදි වෙයි

ඉරාජ්ගේ වීඩියෝවේ පිළිකුල දැක, කලකිරී හංසමාලි සසරින් එතරට

පියුමි හංසමාලිගේ පැවිද්ද නිසා ඉන්දියාවේ මිනිස්සුත් වස බොන්න හදයි

පියුමි හංසමාලි ගිහිගෙය හැරයාම නිසා තරුණයන් දහස් ගණනක් සියදිවි හානි කරගනී

තරුණයන් රැසක් අත කපාගනී…. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද

පියුමි හංසමාලි පැවිදි කිරීම ගැන කුපිත වී, මෙහෙණි සසුනට විරුද්ධව හිමිවරුන් පාරට බසියි….

පියුමි හංසමාලිගේ ධර්ම දේශනා නිසා තරුණයන් ආගමට දහමට වඩා නැඹුරු වෙයි….

ගොසිප් මවපු පියුමි පැවිදි දිවියට

කෙහෙල්ගෙඩි පියුමි මහණ වෙලා

පැවිදි වෙන්න කලින් පියුමි කරපු දේ මෙන්න

පියුමි අන්තිමට රඟපාපු වීඩියෝ එක මෙන්න

 


 

බුකී වාසී අන්තර්ජාල නිකායේ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු බුකියේ පල කරන අදහස්

හිටපු විදිය නෙමෙයි දැන් ඉන්න විදියයි වැදගත්

පටාචාරාට පුළුවන් නං ඇයි හන්සමාලිට බැරි

ඔය ගෑනි අපේ සාසනේ කනවා

හංසමාලි බුදුන් දැක නිවන් දකිත්වා

හංසමාලි එනවා නං අපේ පන්සලෙත් ඉඩ තියෙනවා

හංසමාලි අපිට එපා….

පියුමි නමැති සිල්වත් තරුණිය, රටේ තරුණ පරපුරටම ආදර්ශයක්….

 


 

අසහනයෙන් පෙළෙන බුකී වාසී මානසික රෝගීන්

සැනසීමකට තිබ්බේ ඔයා විතරයි අක්කේ…. ඔයා සසරින් එතර වෙන්නේ කොහොමද අපා ගත කරලා….

මම අත කපාගන්නවා අක්කේ

 

කොහොම හිටපු කෙල්ලෙක්ද දෙයියනේ මේ….

අතට තිත….

 

අක්කට කවුරුත් නැතුව හිටියා නං, කලින් කියන්නෙපැයි

 


 

පියුමි විකුණා ජනප්‍රිය වුනු වීඩියෝ කාරයෙක්

අනේ මගේ හිට් වෙන්න තියෙන වීඩියෝ ටික

 


ලංකාව කියන්නේ සෙක්ස් ඇරියස් එක දරුණුවටම තියෙන රටක්. ඕනෑම දෙයක් හිමි කරගන්න බැරි වුනාම, ඒ දෙය නින්දිත විදියට විවේචනය කරන මිනිස්සු ඉන්න රටක්. එහෙව් රටක අර උඩින් කියපු දේවල් ඇත්තටම සුළු දේවල්.

 

ලංකාවේ ගොසිප් සයිට් කරන උන්ට තමයි ඔය සෙක්ස් ඇරියස් එක දරුණුවටම තියෙන්නේ. මං හිතන්නේ සෙක්ස් ඇරියස් එකක් තිබීම ඒ වගේ රැකියාවකට මූලික සුදුසුකමක් වෙනවා ඇති. ඒ බව ඔප්පු වෙනවා ඔය ප්‍රධාන පෙලේ කුණු ගොසිප් වෙබ් අඩවි වලට අහම්බෙන් හරි ගියාම.

 

අනිත් කට්ටිය තමයි බුකී වාසී බුකී වීරයන්. ෆේස්බුක් එකෙන් ඔන්ලයින් සෙක්ස් කරලා, සුරාන්තයට පත් වෙන ජාතියේ මිනිස්සුන්ට අපි මේ කියන දේවල් දිරවන්නේ නැහැ. ඇත්තටම උන්ට ඕනේ වෙනම ආතල් එකක්.

 

අපි මේ කියන්න උත්සහ කලේ අපේ රටේ මාධ්‍ය වල සහ මිනිස්සුන්ගේ මානසික මට්ටම කොයි වගේ තැනකද තියෙන්නේ කියන එක. ඒ වගේම සෝසල් මීඩියා වල මිනිස්සු හැසිරෙන්නේ කොයි තරම් පහත් විදියටද කියන එක. සෝසල් මීඩියාවල අපේ රටේ මිනිස්සු සෙක්ස් කරන විදිය ගැන වීඩියෝ එකකුත් ළඟදීම බලාපොරොත්තු වෙන්න.


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (39%)
  • සතුටුයි (13%)
  • හිනා යනවා (24%)
  • දුකයි (11%)
  • තරහයි (13%)