දෙවියන්ට ගල් ගහපං

වීඩියෝ
දෙවියන්ට ගල් ගහපං

මොන ආගමක හරි දෙවි කෙනෙක් හෝ ශාස්තෘ වරයෙක් කියලා තියෙනවා නම්, වැරදි කරපු මිනිස්සුන්ට ගල් ගහන්න, මරන්න කියලා…. මුලින්ම ගල් ගහන්න ඕනේ වැරදි කරපු මිනිස්සුන්ට නෙමෙයි…. ඒ දෙවියාට.

 

ආගමක් කියන්නේ මිනිසුන්ට හිංසා කරන්නවත්, නීති රීති දාලා හිර කරලා අරමුණක් වෙනුවෙන් බලෙන් ඇදගෙන යාමටවත් තියෙන දෙයක් නෙමෙයි. ඒ වගේම ආගම් තියෙන්නේ අඬබෙර ගහලා ප්‍රචාරය කරන්නත් නෙමෙයි. ආගමට පිටුපා ගියා කියලා කිසිම කෙනෙකුට මිනිස්සුන්ට හිංසා කරන්න අයිතියක් නැහැ වගේම එහෙම හිංසාවක් කරනවා නම් ඒක තවදුරටත් ආගමක් හෝ ධර්මයක් වෙන්නේ නැහැ.

 

වැදගත් වෙන්නේ සමාව දෙන එක මිසක්, ගහලා, බැනලා, මරලා මිනිස්සු මර්ධනය කරන එක නෙමෙයි.

 

මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ කුරිරු විදියට ගල් ගහලා මරලා දාන කාන්තාවකගේ කතාවක්. හැබැයි ඒ කතාවට සමාන්තරව තවත් කතාවක් මෙහිදී ඔබට දකින්න පුළුවන්. ඒ තමයි සමාව දීම….

 

කුරිරු මිනිස්සුන්ගේ ගල් පහරවල් වැදිලා මිය යන ගැහැණියක් වගේම, සමාව දීම දේව ස්වභාවය කියන එක පැහැදිලිවම පෙන්වමින් තවත් වරදකාරී ගැහැණියකට සමාව ලැබීම තුල මේ කතාව වෙනස්ම මානයකට ඔබව යොමු කරනවා….

සමාජගත විය යුත්තේ වෛරය නොව ආදරයයි.

ආදරය සමාජගත කිරීමට මේ ඔබගේ අවස්ථාවයි.

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (74%)
  • සතුටුයි (7%)
  • හිනා යනවා (0%)
  • දුකයි (19%)
  • තරහයි (0%)