කාල ගැන ෆිල්ම් එකක් ඇවිල්ලද….?

විචිත්‍ර
කාල ගැන ෆිල්ම් එකක් ඇවිල්ලද....?

උඩ තියෙන පින්තූරයේ තියෙන්නේ කාලේ බෝතලයක් වුනත්, ඇත්ත කතාව ඒක නෙමෙයි.

 

මේ කියන්නේ කාල චිත්‍රපටය ගැන. හැබැයි ඒ කාලේ බෝතලයක් ගැන කතාවක් ගහපු ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේ ෆිල්ම් එකේ කතා තේමාව තමයි කලා වැවේ උත්පත්තිය. ධාතුසේන රජතුමාගේ කාලයේ හීං කුරුට්ටා කියන මනුස්සයා මූලික වෙලා කලා වැව හදපු හැටිත්, ඒ කාලයේ තිබුණු දේශපාලනික බල අරගලය වෙනුවෙන් කලා වැව විනාශ කරන්න උත්සහ කරනකොට, ඒ වැවට දිවි පුදා වැව බේරාගත්ත හැටිත් තමයි මේ චිත්‍රපටයේ කියන්නේ.

 

මේක ඉතිහාස කතාවක් වුනාට. මීට කලින් ආපු විදියේ උදාසීන රජ කතාවක් නම් නෙමෙයි. පාසල් විෂය නිර්දේශයට පවා ඇතුලත් වෙලා තියෙන මේ කතාව, ඉතිහාසය විකෘති නොකර බිහි කරපු නිර්මාණයක් කියලා බය නැතිව කියන්න පුළුවන්.

 

තාක්ෂණික පැත්තෙන් ගත්තම ඉතා හොඳ සංස්කරණයක් වගේම මෙතෙක් සිංහල ෆිල්ම් එකකින් දැකපු නැති විදියේ වර්ණ සංයෝජනයකුත් මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන්.

 

"කාල" - කලා වැවේ සොරොව්ව හෙට විවෘත වේ

 

මහේන්ද්‍ර පෙරේරා, මාධනී මල්වත්තගේ, ඩබ්ලිව්. ජයසිරි, ජනක ප්‍රේමලාල්, නීටා ප්‍රනාන්දු, ජගත් මනුවර්ණ, විශ්ව කොඩිකාර, ධර්මප්‍රිය ඩයස්, වෙලේගෙදර රණසිංහ, නිමල් යටිවැල්ල, දසුන් පතිරණ, දයාදේව එදිරිසිංහ, සූර්ය දයාරුවන්, සේනක ටයිටස්, නෙතලි නානායක්කාර, සුදර්ශි ගලනිගම, සොලමන් ඩයස් කාරියවසම්, චාමි සේනානායක, සුදත් විජේසේකර, නඳුන් අකලංක, ඩේමියන් ජයලත්, අචින්ත කලණ, ජතීෂ වරුනේත්‍ර, චමරි නිසංසලා ඇතුළු ප්‍රවීණ නළු නිලියන් රැසකගේ විශිෂ්ඨ රංගන දායකත්වය මේ නිර්මාණය වෙනුවෙන් ලැබිලා තියෙනවා.

 

චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා තමයි සුජීව ගුණරත්න
ලයිව් වර්ක්ස් ක්‍රියේෂන් වෙනුවෙන් නදීනා බමුණුසිංහ සහ ආනන්ද බමුණුසිංහ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.
විධායක නිෂ්පාදනය ප්‍රදීප් ලක්ෂාන් වන අතර කැමරා අධ්‍යක්ෂණයෙන් චන්දන ජයසිංහ දායක වෙනවා. දර්ශන රුවන් දිසානායක තමයි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. තිර රචනයෙන් ඩී. කේ. ආටිගලත් සංස්කරණයෙන් රංගන සින්හාරගේ, ලක්රුවන් ද සේරම්, සංජීව දුල්හාන් සිල්වාත් චිත්‍රපටයට සම්බන්ද වෙනවා. අංග රචනය කරන්නේ නාරද තොටගමුව විසින්.

 

ඉතිං තවත් වැඩිවිස්තර කියන්න ඕනේ නැහැ. මොකද ඔබට චිත්‍රපටය නරඹන්න අවස්ථාවක් ඉතිරි කරන්න ඕනේ…. මේ දවස් වල දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමා ශාලාවලදී මේ චිත්‍රපටය නරඹන්න ඔබට පුළුවන් කම තියෙනවා….

 

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (89%)
  • සතුටුයි (11%)
  • හිනා යනවා (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)