සුපිරි වැල කතාවක් කියෙව්වෙමි….

ආරංචි
සුපිරි වැල කතාවක් කියෙව්වෙමි....

මා ලිංගිකත්වය කුමක් දැයි නැවත උගත යුතුය යැයි සිතිණි. කාලයට අනුරූපව වෙනස් විය යුතුය. නමුදු හිදැසක් ඇත.
Sinhala Sex Stories කියා Google අඩවියේ සෙවුමක් යෙදුවෙමි.

 

අම්මයි මමයි | පළමු අත්දැකීම | අල්ලපු ගෙදර ඇන්ටි | චූටි නංගි

 

මගේ සෙවුමට අදාළ මට ලැබුණු පිළිතුරු මේවාය. Google අඩවිය පුදුමය. මේවායේ කතෘවරයා කවුරුන්ද දැයි මා නොදනමි. කවුරුන් හෝ වේවා, මේවා කියවන්නන් සිටීනම් කියන්නට ඇත්තේ මෙපණය.

 

“…විකෘති ලිංගික ආශාව කියන්නේ මේකට තමා… අම්මාවත් හඳුනා ගන්නට බැරි, අල්ලපු ගෙදර ඇන්ටිවත් අඳුර ගන්නට බැරි, 9 වසරේ කෙල්ලවත් අඳුර ගන්න බැරි සල්ලාල හදවත් ඇත්තවුන් අප අතර ඉන්නවා… කාම ගින්නෙන් දැවෙන්නේ මොන එහෙකටද මේ තරමටම.. මම දැනගෙන හිටියේ නැහැ මේ රටේ මිනිස්සු මේ තරම් අසහනයෙන් ජීවත් වෙනවා කියලා… මෙච්චර මානසික අසහනයක්.. ?
කාලකන්ණි, මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක් නිකං ඉන්න ගමන් PDF කරලා දාපල්ලා කෝ site එහෙක… නැත්නම් මොකක්හරි පොතක් ලියලා දාපල්ලා කෝ… මේ වගේ තිරිසන් කතා ලියන්නේ නැතුව…”

 

“…ඒ වගේ තිරිසන් කතා කියවන්න එපා… ඒ කතා වලින් බිහි වෙන්නේ තිරිසන්නු… මනුස්සකම අඳුර ගන්න බැරි, අහවල් එකේ අමාරුව ඉහට ගහපු මොලේ අමාරු කාරයෝ…”

 

මට මතකයි දවස් කීපයක්ම, අල්ලපු ගෙදර ඇන්ටි මගේ eyebrow ගැන වද වෙනවා…

 

“…ඕවා ගානට හදන්න සඳරු… පේන්නේ නැත්ද හැටි…”

 

මම කියවපු කතාවක තියෙනවා, අල්ලපු ගෙදර ඇන්ටි කෑම කැව්වා කියලා කතා නායකයා ඒ ගෑණි එක්ක නිදා ගත්තු කතාවක්…

 

තව කතාවක් තියෙනවා, නමය වසරේ පුංචි දරුවෙක් තමන්ගේ කාමරයට ආපුවම ඒ ළමයා දූෂණය කරලා… මම දන්නේ නැහැ ඒ මිනිස්සු මොන ආස්ථානයේ ජීවත් වෙමින් ඒ කතාව ගොතනවා ද කියලා…

 

ඒත්, ඔය කියන විදියෙම පුංචි දරුවෙක්, මගේ කාමරයට එනවා… ඇවිදින් ලැප් එක දාගෙන සිංදු බලනවා… මොකක්ද උන්ට විතරක් දැනෙන මට නොදැනෙන හැඟීම… කවදාවත්ම පිරිමි අපිටනම් එහෙම තුට්ටු දෙකේ හැඟීම් දැනිලා නැහැ… තමන්ගේම සහෝදරිය වගේ කියලා දැනෙන හැඟීම ඇරෙන්න වෙන කිසිම දෙයක් මන්දා මගේ හිතටනම් දැනිලා නැහැ… ඒත්, මේ රටේ මිනිස්සු ගොතන කතා වල පිරිමින්ගේ මනස විකෘති කරන්න හදන්නේ අන්තිම තිරිසන් විදියට…

 

ජංගි කොටේ ඇඳගෙන එකට සෙල්ලම් බත් උයපු නැති එවුන් කවුරුත්ම නැතුව ඇති… පුංචි කාලේ ඔය විදියට හැඟීමක් ආව ද… තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලපල්ලා…

 

ලිංගික චර්යා ගැන මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ විකෘති ආශාවන්… කිසිම ප්‍රමිතියක් නැති, සම්මතයක් නැති, නාඩි වැටෙනවා නම් දර මිටියත් හොඳයි කියන න්‍යායේ ඉන්න මිනිස්සු ඉන්නවා… අප්පිරියයි… ”

 

සේයා දූෂණය වීම පුදුමයට කරුණක් නොවේ. ඇය මෙන්ම තවත් ගැහැණුන් හා දැරියන් දූෂණය වීමට මේ රටේ සෑම අතම පිළල ගොඩ නැගෙමින් පවතී…
තවමත්, කාලය තිබේ… ලිංගික අධ්‍යාපනයක් ඇවැසිය. එය විෂයක් විය යුතුය. එවිට හෝ මෙය යම්තාක් දුරකට පිළිල වඳ ස්භාවයට පත් කිරීමට හේතුවක් වනු ඇතිය. නැතිනම්, තරුණ මදයෙන් ඔප වැටෙන එවුන්ගේ ඉහ මොළ කාම පණුවන් විකා දමනු නියතය.

 

දූෂකයින්ට දිය හැකි ඉහලම දඬුවම මරණ දණ්ඩනය යැයි බොහෝ අය කියති. එවිට මා නිරතුරුවම හාස්‍යයෙන් පිරුණු සිනහවක් පිට කර නිහඬව සිටීමට වග බලා ගනිමි.

මරණ දණ්ඩනය යනු, වැරදිකරුවෙකුට දිය හැකි ඉහලම දඬුවම නොවේ.
එහි විඳීමක් නැත. එහි ඇත්තේ සියල්ලේ අවසානයයි. ඔවුන්ට ගෙනා ආයුෂ කෙලවර වන තුරුම විඳවීමක් උරුම කර දිය යුතුය. ඔවුන් සදාකාලිකවම ජීවත් වෙමින් මිය දෙමින් ජීවත් විය යුතුය. ඔවුන් වරදෙහි ස්භාවය තේරුම් ගත යුතුය. එයින් මානවයන් වැරදි නොකරන්නට වග බලා ගනු ඇත.
වැරදිකරුවෙකු ජීවිතයෙන් පිටවහල් කර ඔහුට නිදහස ලබා දෙනවා ද නැතිනම් ජීවිතය මුළුල්ලේ මැරී මැරී උපදින්නට දඬුවම් කරනවා ද යන්න නුඹලාගේ තීරණයයි…

 

මා ලිංගිකත්වය උගනිමියි කියා ගොස්, වෛරය පුරවාගෙන ආවෙමි. නුඹලා එහි ගොස් මොළ ශෝධනය කර, තවත් තිරිසෙනෙකු ලෙස සමාජ ගතවීමට අඩිතාලම නොයදනු ඇතැයි මා සිතමි.

 

– සඳරු –


මාධව රූබසිංහ

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (86%)
  • සතුටුයි (5%)
  • හිනා යනවා (3%)
  • දුකයි (3%)
  • තරහයි (3%)