මෛත්‍රියේ ධර්මයක, වෛරය වපුරන සුමිත්ත හාමුදුරුවෝ

මෛත්‍රියේ ධර්මයක, වෛරය වපුරන සුමිත්ත හාමුදුරුවෝ

“තම්බපන්ණියේ අපි” අපගේ වෙබ් අඩවියේ ලිපියකින් සුමිත්ත නායක හාමුදුරුවන්ගේ දූෂිත වැඩ ගැන කතා කලා. ඊට පස්සේ භික්ෂුවකට නුසුදුසු අයුරින්, කිසිම විනයක්, සංවර කමක් නැතිව සුමිත්ත නායක හිමිනම අපගේ වෙබ් අඩවියට අසභ්‍ය වචන වලින් දොස් කියලා අදහස් පල කරලා තිබුනා.

අපගේ වෙබ් අඩවිය කරගෙන යන්නේ ශිරාන් චාමික කියලා කතෝලික පියතුමෙක් බවත් කිසිම පදනමක් හෝ කිසිම සාක්ෂියක් නැතිව ඔහු විසින් සමාජ ජාල තුල කියලා තිබුනා. ඔප්පු කල හැකි එක සාක්ෂියක්වත් නැතිව සුමිත්ත නායක හිමිනම එහෙම පවසන්නේ ඔහුගේ පුද්ගලික අමනාපයක ඇරියස් එක කවර් කරගන්න අදහසින් කියන එක අපිට පැහැදිලි වුනා.

 

මේ ගැන වැඩි විස්තර දැනගන්න ශිරාන් චාමික පියතුමාව අප සම්බන්ද කරගත්තා. පියතුමා කියන විදියට ප්‍රශ්නය මේකයි,

 

පියතුමා සහ තවත් ගරුතර හාමුදුරු නමක් එකමුතු වෙලා ඒ ප්‍රදේශයේ පාසලක මා පිය වන්දනාව නමින් වැඩසටහනක් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වැඩසටහන ගැන බැනර් දාලා තියෙද්දී ඒ ගැන සුමිත්ත හිමිනම දැනගෙන ඒ හාමුදුරුවෝ අදාළ වැඩසටහන එක්ක සම්බන්ද වෙන එක සුමිත්ත හිමිනම තර්ජනය කරලා නවත්වලා තියෙනවා. දළුව පාසල සමඟ සුමිත්ත හිමිනමගේ යම් කිසි ගැටළුවක් තියෙන නිසා තමයි එහෙම කරලා තියෙන්නේ කියලත් අනුමාන කරනවා. පියතුමා සහ මේ වැඩසටහනට සම්බන්ද වෙන හාමුදුරුවන්ගේ අරමුණ වැඩසටහන කිරීම මිස මේ හිමිනම ගැන කතා කිරීම නොවන නිසා පියතුමා කලබල වෙලා නැහැ. කොහොම හරි මේ වැඩසටහන නවත්වන්න සෑහෙන්න දේවල් මේ හිමිනම කරලා තියෙනවා. කලාප අධ්‍යාපන කලාපය හරහා තමයි අන්තිමට මේ වැඩේට අදාළ හිමිනම උදැල්ල දාලා තියෙන්නේ. කොහොම හරි අන්තිමට ඒ පාසලේ මේ වැඩසටහන නොකර ඒ පාසල ළඟ තියෙන පල්ලියේ මේ වැඩසටහන සැලසුම් කරපු විදියටම කරලා තියෙනවා. අන්තිමට මේ වැඩේට සහයෝගය දෙන්න හාමුදුරුවරු හත් නමක් වැඩලා තියෙනවා.

 

සුමිත්ත නායක හිමිනමගේ පහත් අරමුණ සංසිඳුනේ නැති නිසා, බරපතල විදියට Facebook හරහා මේ චීවරධාරියා ශිරාන් චාමික පියතුමාට මඩ ගසමින් සිටිනවා.

 

පියතුමා කියන විදියට පියතුමා Facebook සමාජ ජාලයේ සාමාජිකයෙක් නෙමෙයි. නමුත් Facebook සිටින උදවිය පියතුමාට මේ ගැන කිව්වම පියතුමා කලබල වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකද පියතුමා අතේ වරදක් නැති නිසා.

 

අනික තමයි, “කල්පිටියේ ඉන්නේ සියයට අනූපහක් කතෝලිකයෝ” කියලා ශිරාන් චාමික පියතුමා කිව්වා කියලා සුමිත්ත හිමිනම කියනවලු. නමුත් ශිරාන් චාමික පියතුමා ඒ විදියේ දෙයක් කිව්වේ නැති බව තරයේ ප්‍රකාශ කරනවා. මේ සියලුම කටයුතු එක්ක පියතුමා සමඟ ප්‍රදේශයේ පොලීසියේ OIC (ස්ථානාධිපති) තුමත් ඉඳලා තියෙනවා.

දළුව පාසලේ විදුහල්පතිනියට මඩ ගසා ඇති ආකාරය

කොහොම වුනත් මේ සුමිත්ත නායක හිමිනම මේ දේවල් කරන්නේ, මේ ප්‍රකාශ සිදුකරන්නේ කිසිම පදනමක් නැතිව. ඔප්පු කළහැකි කිසිම සාධකයක් නැතිව. කොහොම හරි මේ විදියට මොහු ක්‍රියා කරන්නේ අදාළ පියතුමා එක්ක තියෙන ගැටළුවක් නිසාත් නෙමෙයි. සමහරවිට පරාජය දරාගන්න බැරි කම නිසා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් ප්‍රශ්නය තියෙන්නේ අදාළ පියතුමා සමඟ නෙමෙයි. දළුව ප්‍රදේශයේ පාසලක් එක්කයි. නමුත් ඒ ප්‍රශ්නය ගැන කතා නොකර තමන්ගේ කුණු වසා ගන්න මේ සුමිත්ත නායක හිමිනම ලොකු සටනක් දෙන බව නම් පේනවා.

 

මේ ප්‍රශ්නය හැර, ඔහුට කතෝලික සහ අනෙක් ආගම් ගැන ඉතාම ද්වේශයක් තියෙන බව තමයි පැහැදිලිවම පෙන්න තියෙන්නේ. ඒ බව ඔහුගේ Facebook account එකේ wall එක අධ්‍යනය කලාම හොඳින් පැහැදිලි වෙනවා.

පෙරපාසල් දරුවෙකු සේ හැසිරෙන සුමිත්ත හිමි

 

කොහොම වුනත් අපිට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ රටතුල සර්වාගමික පරිසරය මේ වෙනකං බොහොම සාමකාමීව පැවතුනා. නමුත් දැන් මේ වගේ හාමුදුරුවරු සහ බෞද්ධ නොවන තවත් ආගමික පිරිස් විසින් මේ විදියේ ආගමික සහජීවනය පලුදු කරන පහත කුමන්ත්‍රණ කරගෙන යනවා. තමන්ගේ පුද්ගලික ප්‍රශ්න, පුද්ගලික මානසික ව්‍යාධි තත්වයන්ගෙන් සමස්ත ආගමික සජීවන පරිසරය විවේචනය කරමින් තමන්ගේ අරමුණ පමණක් සමාජ ගත කරලා, විශාල ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරනවා. ඒ අතරින් මේ සුමිත්ත නායක හිමිනම එක්කෙනෙක් විතරයි. විනයක් ඇතිව සමාජ ජාල මාධ්‍යයක කතා කිරීමට තරම්වත් සංයමයක් ස්වයං හික්මීමක් නැති, අනුන්ගේ විවේචන සහ අනුන්ගේ මත ඉවසිය නොහැකි මේ පුද්ගලයන්ට අපි ගරු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් අපිට මතුවෙනවා. ඉතාම අසභ්‍ය විදියට කුණුහරපයෙන් නපුංසකයන් ලෙස විවිධ පුද්ගලයන් හඳුන්වා ඔවුන්ගේ චරිත ඝාතනය කරන්නත් කාටවත් අයිතියක් නැහැ. අම්මෙකුගෙන් බිහි නොවූ කෙනෙකු වගේ සමහර වචන හසුරුවනකොට අපිට අහන්න හිතෙන්නේ “අ” යන්න “ආ” යන්න වෙනුවට මුල් අකුරු කියවපු කෙනා කියවලා තියෙන්නේ “කැ”යනු “රි”යනු “හු”යනු “පො”යනු ද කියලා….

 

 

කොහොම වුනත් මේ රටේ තියෙන එකමුතු කම, ඒ ලස්සන ආදරණීය ආගමික සහජීවනය මේ වගේ නැති කරන්න හදන ඕනෑම කෙනෙකුට විරුද්ධව ආගම්, තරාතිරම් ගණන් ගන්නෙවත් නැතිව අපි කතා කරනවා. මේ වෙබ් අඩවිය ශිරාන් චාමික පියතුමාගේ හෝ වෙන කිසිම ආගමික කණ්ඩායමකට හෝ කිසිම වර්ගයකට සම්බන්ද වෙබ් අඩවියක් නෙමෙයි. “තම්බපන්ණියේ අපි” කියන්නේ ස්වාධීන කණ්ඩායමක් බව ආයෙමත් මතක් කර සිටිනවා….

 

අවසානයේ,

බුදු දහමේ එන මෛත්‍රීය සහ කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කරන්නැයි කියලත් ආදරයෙන් මතක් කරනවා….


කුලසේකර රෆායල් නිසාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (36%)
  • සතුටුයි (21%)
  • හිනා යනවා (7%)
  • දුකයි (29%)
  • තරහයි (7%)