අම්මේ ඔබ මතු බුදු වේවා, වෙස් ඇඳුමක් ඇන්දොත් බලු වේවා….!

වෙස් ඇඳුම කියන්නේ උඩරට නැටුම් සඳහා පාවිච්චි කරන ඇඳුමක්. අපි ඒ සංස්කෘතිය ගැන හුඟක් ආඩම්බර වෙන්න ඕනේ….

 

හරියට ගැහැණු පිරිමින්ගේ කලිසම් අඳිනවා වගේ
සුද්දාගේ කලිසම, ෂර්ට් එක, කෝට් එක, ස්කර්ට් එක බ්ලව්ස් එක අපේ අය අඳිනවා වගේ….
ඉන්දියානු ක්‍රමයට අපේ අය කසාද බඳිනවා වගේ….

ඔය වෙස් නැටුම ගැහැණියක් ඇන්දා කියන එක මේ විදියට හිතමු….

 

මනුස්සයෙක් කියන්නේ ජීව, රසායනික, භෞතීය විදියට ගොඩනැගෙන එකතරා සත්ත්වයෙක්. ඔය විද්‍යාත්මක පදනමට අධ්‍යාත්මය කියන එකත් එකතු වුනාම ඒ සත්ත්වයා මනුස්සයෙක් කියලා කියන්න පුළුවන්.
කලාව, සාහිත්‍ය සහ මිනිස්සුන්ගේ කැමැත්තේ හැටියට තෝරා ගන්න දේවල් හින්දා එක එක මිනිහාගේ මානසිකත්වය විවිධත්වයක් ඇතිව ගොඩනැඟෙනවා….

 

මිනිහෙක්ට ඇඳුමක් කියන්නේ නොමැරී ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද ඇඳුම් නැතිව හිටියා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ. ඇඳුම් නැතුව ඉද්දි ගහලා මැරුවොත් හැරෙන්න…. හැබැයි අපි කවුරුත් ප්‍රසිද්ධියේ ඇඳුම් නැතුව ඉන්නේ නැහැ….

 

සංස්කෘතිය, සභ්‍යත්වය තියෙනවා නම් ඇත්තටම හොඳයි. උදාහරණයක් විදියට ගන්නකො ජපානය. විද්‍යාව තාක්ෂනය අතින් ඉහලින්ම ඉන්න රටක්…. ඒ වගේම තමයි මනුස්සකමින්, සංස්කෘතියෙනුත් ඉහලින්ම ඉන්න රටක්. තමන්ගේ කියන හැඟීම එක්ක එකා වගේ එකට වැඩ කරලා පුදුමාකාර විදියට මිනිස්සු එක්ක ආදරය බෙදා ගන්න, එකමුතුකමේ රටක්. සංස්කෘතියෙන් රටකට තියෙන වැදගත් කම කොච්චරක්ද කියලා ගන්න පුළුවන් හොඳම උදාහරණය ජපානය.

 

එතකොට අපේ රටේ සංස්කෘතිය කෝ?
අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් එක්ක, කාන්තා දූෂණ, ළමා අපචාර වලින් ලොකු තැනක ඉන්න, කෙල්ලෙක්ට නිදහසේ පාරේ බැහැලා යන්න බැරි, අමු අමුවේ මිනිස්සු මරණ, සිංහල අරගල කරන සකර්බර්ගේ බුකියේ තමන්ගේ ලිංගික ඇරියස් කවර් කරන සංස්කෘතියක් අපිට තියෙනවා….

 

අම්මාට බුදු වෙන්න පතන, වෙස් ඇඳුමක් ඇන්ද ගැහැණියකට “වේයන්ගේ සාවී” කියලා ලේබල් ගහන සංස්කෘතියක් අපිට තියෙනවා….
සුද්දගේ කලිසම, ෂර්ට් එක, සාය, බ්ලව්ස් එක, ලන්කට් එක, පෑන්ටිය ඇඳගෙන ඇඳුමට යටින් තියෙන ලිංගයේ සංස්කෘතිය හොයන සංස්කෘතියක් අපිට තියෙනවා….
ඒ වගේම සුද්දාගේ ඇඳුම් ඇඳගෙන සරමක් ඇන්දම, අමුඩයක් ඇන්දම සමහරු හිනා වෙන සංස්කෘතියක් අපිට තියෙනවා….
සුද්දා හදපු බුකියේ සංස්කෘතිය රකින්න හදන අමුතුම සංස්කෘතියක් අපිට තියෙනවා….

 

එහෙව් රටක පිරිමින්ගේ වෙස් නැටුම ගැහැණියක් ඇන්දහම සංස්කෘතිය ගැන මහා ලොකුවට කතා කරන සංස්කෘතියක් අපිට තියෙනවා….

 

එතකොට මේ ඇඳුමක් හින්දා අපි මනුෂ්‍යත්වය කියන එක, ගැහැණියකගේ ගරුත්වය දෙකයි පනහට දාන්න ඕනෙද?
ඔව්…. ගැහැණියකගේ ගරුත්වය දෙකයි පනහට දාන්න ඕනේ. අන්න ඒකයි අපේ සංස්කෘතිය කියන්නේ….

 

ඉතිං අපි ආඩම්බර වෙන්න ඕනේ නැද්ද?


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (39%)
  • සතුටුයි (7%)
  • හිනා යනවා (14%)
  • දුකයි (11%)
  • තරහයි (29%)