ත්‍රස්තවාදියා කවුද ?

අපේ රට
ත්‍රස්තවාදියා කවුද ?

සුද්දන් විසින් උන්ගේ ලොක්කනට ඔනේ විදිහට කරගන ගිය අපේ රට අපිට ඔනේ විදිහට කරන්නට ඉල්ලාගන අපි දැන් අර්ධ ශතකයක් ටත් එහා ගොස් ඇත. ලබන අවුරුදට 70 වකි.

 

ඒත් අපේ උන් අවසානයේ අපට ඉතිරි කොට ඇත්තේ කුමක්ද?
ඉන් අඩකටත් වැඩි කාලයක් අපි ගෙවා දමා ඇත්තේ අපේම උන් සමග මරාගැනීමට නොවේද?
මේ කෙටි කාලය තුල ලංසින්, පරංගින්, ඉංග්‍රීසින් මරාදැමුවාට වඩා ප්‍රමානයක් අපි අපිම මරාගෙන නැතිද?
ඉන් වැඩිහරියක් දකුණේත් උතුරේත් අපේ රටට අයත් ජව සම්පන්න තරුණයෝ නොවෙත් ද?
එපමණක් නොව ඒ අපිට අහිමිවුනු තරුණ පරම්පරාවන් අපි නිර්වචනය කරගන්නේ කාගේ වචන වලින්ද?

 

හොදින් බලන්න අපේ රටේ සියලු සන්නද්ධ ව්‍යාපාරයන්හි පහල කාඩර්වරු කවුරුන්ද?
එපමනක් නොව අපේ හමුදාවන්හි බහුතරය කවුරුන්ද?
ඔවුන්ගෙන් අතී බහුතරය අපේ දිළිඳු ග්‍රාමීය දෙමාපියන්ගේ දරුවන්‍ ය.

 

ඔවුන් ගේ අපේක්ෂා ව කුමක්ද?
තමන්ගේ ජිවිතය පුදා හෝ අනාගතයට යහපත් ලෝකයක් තනාදීමය.

 

උතුරේත්, දකුණේත් අපේ හමුදා වලත්, තමන්ට මාහා මන්දීරයක්, කෝටි 200 ය 300 වටිනා වාහනයක්, දරුවන්ට විදෙස් අධ්‍යාපනයක්, අති සුඛෝපබෝගී ජීවිතයක්, ඔවුන්ගේ අවි ගෙන සටන් කීරීම පිටුපස වීද? ඔවුන්ගේ දේශපාලනය පිටුපස වීද? (සන්නධ දේශපාලනයේ හරි වැරද්ද වෙනම කතා කරමු)
එහෙත් එසේ නොකර පසු ගිය 69 වසර තුල මේ ජව සම්පන්න බුද්ධි හා ශ්‍රම බලකාය සම්පුර්ණයෙන්ම පාහේ තුරන් කොට අර කියූ අකාරයේ ජීවිත ගත කරන්නේ කවුද?

 

මේ පාහර චෞර දේශපාලකයන් අපට අත් පත් කර දී ඇත්තේ කුමක්ද?
නාය යන කුණු කඳු, පරම්පරා ගණනකට ගෙවා නිම කල නොහැකි විදෙස් ණය, වසංගත රෝග, ලුම්පන් සමාජ,…. ඔබට ඔවුන් නිර්මාණය කොට ඇති ඕනෑ තරම් දේවල් මතකයට ගත හැක. සුද්දන් මේ රට හැර යනවිට අපේ වන ගහනය 50%ක් පමන විය. අපි රට ගත් පසු එය අති සාර්ථක අන්මින් 17% දක්වා පහත බස්වා ඇත…. රටක සංවර්ධනයට කැලෑ එළි කල යුතු නොවේදැයි ඔබ විමසනු ඇත. එයත් අර තක්කඩි දේශපාලුවන්ගේම නිර්මාණයකි. ජපානය තමන්ගේ මුලු බිම් ප්‍රමානයයෙන් ජනාවාස සදහා යොදාගන ඇත්තේ 20% ක් පමණය. ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් සිටින ආසියාතික රට ලෙස භුතානය තමන්ගේ වන ගහනය 72% සිට 2020 වන විට 80% දක්වා වැඩී කරගන යයි. 2000 දී 20ක් පමණ වූ හමුදාවන් නොමැති රටවල් ප්‍රමාණය මේ වන විට 27 දක්වා වැඩී වී ඇත ඉන් බෝහොමයක් අපි වැනි කුඩා දූපත් රාජ්‍යයන් ය. අවසානයේ මේ පාදඩ ක්‍රමය වෙනස් කිරීමට අති පරාර්ථකාමී අරගල කල වුන් අපිට කැරලි කරුවන් හෝ ත්‍රස්තවාදින් වී ඇත. අප රට මේසා වීශාල අඝාදයට ඇද දැමු රටේ සම්පත් තමන්ගේ සුඛ විහරනයට යොදාගත් කපටි දෙශපාලකයින් මහා විරයින් වී ඇත. දේශප්‍රේමීන්, ජාති හිතේශීන් වී ඇත. අපි තවමත් පිටු දැකිය යුතු මේ හොර කැල උත්තරීතර කරමින් තමුන් වෙනුවෙන් නොව අනෙකා වෙනුවෙන්, ටයර් සෑ වල දැවුනු, සයනයිඩ් කෑ, බෝම්බ වලින් සුනු විසුණු සුනු අපේම රටේ ඇති අවංක තරුණ පරම්පරාවක් ත්‍රස්තවාදීන් කරමින් සිටිමු. ඇත්තරම රට කෑ ත්‍රස්තවාදීන් කවුද?

 

මම ඉඳුරාම කියමි…. ඔය අපි කියන කිසිම ත්‍රස්තවාදියෙක් මේ රටේ දෙශපාලකයින් තරම් රට විනාශ කොට නැත.


නුවන් ජූඩ් ලියනගේ

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (57%)
  • සතුටුයි (14%)
  • හිනා යනවා (0%)
  • දුකයි (14%)
  • තරහයි (14%)