ජනාධිපති කම දෙන්න ළමයෙකුට

අපේ රට
ජනාධිපති කම දෙන්න ළමයෙකුට

මයිලෝවල සීනි වැඩි නිසා, ඒ සීනි මට්ටම සියයට 05 දක්වා අඩු කරනතාක් කල් තමා ඊට එරෙහිව රටපුරා විරෝධතාවක් රැගෙන යනවා කියලා අපේ මෛත්‍රීපාල ජනාධිපති තුමා කියලා තියෙනවා. ඒ කතාව ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ නිසා වැඩි විස්තර ඒ ගැන කියන්නේ නැහැ.

 

මයිලෝ වල සීනි මට්ටම වැඩියි නම් රට පුරා ඔය විදියට දැනුම්වත් කිරීම් කර කර යන්නේ මොකටද? තමන් මේ රටේ විධායක ජනාධිපති. ඉතින් අදාළ අංශය භාර ඇමති ලව්වා සමාගමට සෘජුව බලපෑම් කරන්න, අදාළ නීති රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක වෙන්න කියලා සමාගම දැනුම්වත් කළා නම් ඕක ඔය තරම් විරෝධතා දක්වන්න දෙයක් නෙමෙයි. එහෙම නියෝගයක් දීලත් නියෝගය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් රටේ පවතින නීතිය අනුව අදාළ සමාගමට විරුද්ධව නඩුවක් වුනත් දාන්න බැරි කමක් නැහැනේ.

 

අනික මේ කාරණාවට අදාළ පුවත්වල කියන විදියට මයිලෝ වල විතරක් නෙමෙයි මේ ගැටලුව තියෙන්නේ. අදාළ සමාගමේ තවත් නිෂ්පාදන වලත් මේ තත්වයමයි කියලා පුවත් වාර්තා වෙනවා. එතකොට් මයිලෝ පැකට් එකක් විතරක් උස්සගෙන ගිහිල්ලා මක් කරන්නද?

 

විශේෂම දේ තමයි අදාළ සමාගම සීනි ප්‍රමාණය සඟවා තම නිෂ්පාදන අලෙවි කරනවා කියලත් මේ සම්බන්ද පුවත් වල සඳහන් වෙනවා. එතකොට පැහැදිලිවම එහෙම සඳහන් කරන්නේ ඒ පිළිබඳව සාක්ෂි තියෙන නිසා වෙන්න ඇති. කොහොම වුනත් ඒ කාරණාව පැහැදිලිවම නීති විරෝධී බව පෙනි පෙනිත් නීතියෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන මේ විදියට විරෝධතා දැක්වුවා කියලා හරි යයිද?

 

සිංහල ජාති වාදී සෙට් එක මුස්ලිම් ව්‍යාපාර වලට අකුල් හෙලන ගොං ක්‍රමයයි, මේ ක්‍රමයයි අතර මහා ලොකු වෙනසක් පෙන්න නැහැ.

 

ඇත්තටම ජනාධිපති තනතුර කියන්නේ මොකක්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ?

දැන්වත් ග්‍රාමසේවක කමෙන් අයින් වෙලා, ජනාධිපති තනතුරට එමුද?

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (78%)
  • සතුටුයි (6%)
  • හිනා යනවා (6%)
  • දුකයි (11%)
  • තරහයි (0%)