දසුන්ගේ සියදිවි නසාගැනීම රඟපෑ වීඩියෝව YouTube රිපෝර්ට් කර ඉවත් කරයි

ආරංචි
දසුන්ගේ සියදිවි නසාගැනීම රඟපෑ වීඩියෝව YouTube රිපෝර්ට් කර ඉවත් කරයි

දසුන්ගේ නිශාන් කියන ප්‍රසිද්ධ නළුවා පහු ගිය දවසක දිවි නසාගෙන තිබුණු කතාව හැමෝම දන්නවා. මොකද ඒ තරම් රහ කරලා මෑත කාලේ වෙබ් අඩවි වලින් විකුණපු තවත් කතාවක් නැති නිසා. කොහොම හරි තිබුනේ නැත්තේ දසුන් වැසිකිලි ගියේ මෙන්න මෙහෙමයි කියන එක විතරයි. ඒ හැර දසුන්ගේ විකුණන්න පුළුවන් හැම කුණු ගොඩක්ම විකුණලා උන් පුළුවන් තරම් තමන්ගේ බඩ වියත සපුරා ගත්තා. පිට රටවල් වල එල්ලිලා මැරෙන මිනිස්සුන්ගේ වීඩියෝ මුහුණු බොඳ කරලා මේ දසුන්ගේ වීඩියෝව කියලා දාලා තිබුනා…. මාධ්‍ය සදාචාර, මාධ්‍ය විනය කියන කිසිම දෙයක් නොදැන අනුන්ගේ කුණු විකුණන දෙකයි පනහේ යූ ටියුබ් චැනල් කාරයෝ අන්න එහෙමයි.

 

යූ ටියුබ් චැනල් කාරයෝ විතරක් නෙමෙයි ලංකාවේ තියෙන ගොසිප් සයිට් බහුතරයකුත් දසුන්ව හරි ලස්සනට විකුණුවා. ඒ තරම් මාධ්‍ය අහේනියකින් පෙළෙන ලංකාවේ මාධ්‍ය වලට කනේ පහරක් දෙන්නත්, අනුන්ගේ කුණු හොයන, කුණු රහ කරන ඒවා බලන මිනිස්සුන්ටත් අපි පුංචි වැඩක් කළා. ඒ තමයි පුංචි රඟපෑමක් කිරීම….

 

දසුන් වගේ හැඩ රුව තියෙන කෙනෙක්, එල්ලිලා මැරෙන්න හදනවා. අන්තිමට බෙල්ලට තොන්ඩුව දාගෙන තද කරගෙන පනින්න සූදානම් වෙනකොටම එකෙක් ඇවිල්ලා නවත්තපන් කියලා ඒක නවත්තලා දානවා. අන්තිමට අපි කිව්වේ “උඹලාට මොකටද දසුන්ගේ වීඩියෝ එක?…. අනුන්ගේ කුණු හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගනින්, අපරාදේ උඹලාගේ data ටික….” කියන එක.

 

හැබැයි අපේ උන්ට ඒ පණිවුඩය තේරුම් ගන්න බැරි වුනා. කුණු හරපෙන් කමෙන්ට් දාගෙන බොහොම නින්දිත විදියට අපිට ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, උන්ගේ කුණු හොයන ආතල් එක අන්තිමට අපි කුඩු කරලා තිබුණු නිසා. අපේ උන්ට ඒ ආතල් එක නැති වීම දරා ගන්න බැරි වුනා. ඒ කියන්නේ උන්ට ඕනෙම අනුන්ගේ කුණු හොයන්න කියන එක. කොහොම හරි ඒ වීඩියෝ එක රිපෝට් කරලා YouTube එකෙන් අයින් කරලා තිබුනා.

 

අපිට ඕන වුනේ වීවර්ස්ලා ප්‍රමාණය, අපේ සබ්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය වැඩි කරගන්න නෙමෙයි අපිට ඕන වුනේ මේ කුණු හොයන එකට සහ කුණු විකුණන එකට විරුද්ධව වෙන විදියකින් කතා කරන්න….

 

දෙයියනේ කියලා අපේ උන්ට තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ…. පොඩි දෙයටත් කුණු හරපෙන් කෑ ගහගෙන අම්මා අප්පා මතක් කරගෙන කිසිම විනයක් නැති විදියට කතා කරන්න විතරයි බහුතරයක් දන්නේ. අන්න ඒකයි අපේ උන්ගේ සිංහල කම….

 

ඒ වීඩියෝවට දක්වලා තිබුණු විශිෂ්ඨ කුණුහරප අදහස් කිහිපයක්….

(අඩුම තරමේ අම්මා කියන වචනයටවත් ගරු කරන්න දන්නේ නැති උන්ගේ අදහස් කිහිපයක් බව කරුණාවෙන් සලකන්න.)

ලැජ්ජයි බං….

කොහොම වුනත් අපි එතනින් නැවතුනේ නැහැ. වීඩියෝ එක Vimeo අප්ලෝඩ් කරලා අපි අපේ වැඩේ කරගෙන යනවා….

 

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (50%)
  • සතුටුයි (13%)
  • හිනා යනවා (20%)
  • දුකයි (3%)
  • තරහයි (13%)