පිරිමි ළමා දූෂක සුමිත්ත හාමුදුරුවෝ ආයෙමත් කරලියේ

ආරංචි
පිරිමි ළමා දූෂක සුමිත්ත හාමුදුරුවෝ ආයෙමත් කරලියේ

මිගෙට්ටුවත්තේ සුමිත්ත හාමුදුරුවෝ කියන්නේ අපරාධ බොහොමයකට සම්බන්ද වගේම තමන්ගේ සමලිංගික ආශාවන් නිසා පිරිමි දරුවන් රැසක් බලහත්කාරයෙන් දූෂණය කරපු ඒත්, සුදනෙක් වගේ ජීවත් වෙන ගරුතරයි කියා ගන්නා සංඝයා වහන්සේ නමක්.

 

පාතාල කරුවන්ට රැකවරණය දීම, අවි ආයුධ කුලියට දීම, කොල්ලකරුවන් සමඟ සම්භන්ද කම් පැවැත්වීම වගේ හිමි නමකට තියා සාමාන්‍ය මිනිහෙක්ටවත් නොගැලපෙන නීති විරෝධී කටයුතු බොහොමයකට මේ හාමුදුරුවෝ සම්බන්දයි.

 

ඒ වගේම අවුරුදු 16 ක පිරිමි දරුවෙක් පැහැරගෙන ගිහින් අපයෝජනය කිරීමක් සම්බන්දයෙනුත් මේ හාමුදුරුවෝ වැරදි කරුවෙකු වෙලා තියෙනවා.

 

ඔහුගේ අපචාර පිළිබඳව වෙබ් අඩවි කිහිපයක සඳහන් වුනු තොරතුරු

මේ ආකාරයේ විවිධ අපරාධ නිසා අවුරුදු 02 ක් විතර බන්ධනාගාර ගත වෙලා ඉඳලා 2013 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ බලපිටිය මහාධිකරණයේ ඇප කොන්දේසී මත මෙම අධිකරණයෙන් ඇප ලබා සිටි අයෙක් බවත් අනාවරණය වෙනවා.

 

ඔන්න ඔහොම තත්වයක් තියෙනකොට මේ සිවුරු හොරා ආයෙමත් එක එක විදියේ වැඩ ටිකක් පටන් අරගෙන තියෙනවා. කොත් පළඳවන වැඩ, ගීත භාවනා, පාසල් දරුවන්ට පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදා දෙන වැඩසටහන් කරගෙන යනවා. ඒ වැඩසටහන් වලට Facebook සමාජ ජාලයේ ප්‍රචාරය ලබා දෙමින්, ඕනෑම දේකට අනේ සාධු කියන පිරිසක් විසින් ඒවාට comment දමා සහයෝගය දෙමින් මේ සිවුරු හොරාට සහයෝගය දක්වනවා.

 

සමන්තභද්‍ර ලාගේ රහත් බවට සහ කියන කරන දේවල් වලට කෑ ගහපු නායක හාමුදුරුවරුන්ට මේවා පෙන්නේ නැත්තේ ඇයි?

 

විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව වන ඔබටත් වගකීමක් තියෙනවා. ඒ තමයි සිවුර අස්සේ හැංගිලා මේ විදියට අපරාධ, අපචාර කරමින් සුදු හුණු ගාගෙන වැජඹෙන අසික්කිතයන්ට විරුද්ධ වෙන එක….


කුලසේකර රෆායල් නිශාඩ්


Facebook සමාජ අඩවියේ පවත්වාගෙන යන ප්‍රචාර

 

සැලකිය යුතුයි – මෙම ලිපියේ ප්‍රධාන රූපය ලෙස යොදා ඇති ඉහලම රූපයේ ඇත්තේ ළමා අපචාරයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (6%)
  • සතුටුයි (26%)
  • හිනා යනවා (13%)
  • දුකයි (29%)
  • තරහයි (26%)