සිංහල ජාතිය වඳ කිරීමේ දැවැන්ත සැලසුමක්

ආරංචි

මේක සිද්ධ වෙන්න වෙන්න පුලුවන් දෙයක්…. ඔය වඳ පෙතිවල අඬංගු ඩයිසෝඩියම් නයිට්‍රෝප්‍රසයිඩ් ඩයිහයිඩ්‍රජනේස් රසායනිකය රුධිරය සමග දාම ප්‍රතික්‍රියාවකට සහභාගී වෙනවා. ඉන්පසු රුධිරයේ අඬංගු හිමොග්ලොබින් සමඟ සෝඩියම් මොනොඔක්සයිඩ් හිමොග්ලෝබිනේට් කියන දැලිස ව්‍යුත්පන්න වෙනවා. මේ රසායනිකය ලිපිඩෝපිලික් රසායනිකයක්. මේද වල දියවීමට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ඉන්පසු මේවා මේදයේ දියවී ඩිම්බකෝශ වටා පටලයක් සේ තැන්පත් වෙන්න පටන්ගන්නවා. ඒ වගේම ගර්භාශ බිත්තියෙත් ඒවා තැන්පත් වෙනවා. අවසානයේ පැලෝපීය නාලයේ තැන්පත් වී එම නාලය අවහිර වෙනවා. එමගින් කාන්තාව වඳබාවයට පත් වෙනවා.

 

විශේෂම කාරණාව තමයි ඒ රසායනිකයට හැකියාව තියෙනවා රුධිරයේ ඇති ධණ ආරෝපන සංඛ්‍යාවමත පුද්ගලයා “සිංහලද” යන්න හඳුනාගැනීමට. මොකද පරීක්ශණ වලින් තහවුරු කරලා තියෙනවා “සිංහල ලේ” වල ධණ ආරෝපන වැඩියි කියලා. එහෙම රුධිරය සහිත කාන්තාවන්ට තමයි මේක බලපාන්නේ. ඒ කියන්නේ සිංහල ජාතියේ ගැහැණුන් සොයා ගැනීමට මේ සනීපාරක්ෂක තුවායට විශේෂ හැකියාවක් තියෙනවා….

 

අන්න එහෙමයි අපේ සිංහල ගොබ්බ ඈයෝ හිතාගෙන ඉන්නේ ෆ්රෙන්ස්….

 

මේ පොස්ට් එක හදපු මිනිහා මේක වගකීමෙන් ප්‍රකාශ කරනවා කිව්වට මිනිහා කවුද කියලා මේකේ දාලා නෑ ෆ්රෙන්ස්…. අන්න එහෙමයි කොන්ද පන නැති සිංහලේ කාරයෝ….

😆 😆 😆 😆 😆 😆 😆 😆 😆

 

සනීපාරක්ශක තුවා එපාලු..
රෙදි කෑලි පාවිච්චි කරන්නලු..
හදවත කකියනවලු..
ජාතිය වඳ වෙනවලු..

 

මුන්ව යවන්න ඕනි චීනෙට ගිහින් එහේ ජනගහනය පාලනය කරපන් කියල.. පිස්සු යක්කු..

😂 😂 😂 😂 😂 😂 😂 😂 😂


සමීර ධර්මදාස | සුජිත් ප්‍රියන්ත

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (33%)
  • සතුටුයි (0%)
  • හිනා යනවා (43%)
  • දුකයි (19%)
  • තරහයි (5%)