අමර එන්න නයනා එන්න….

අමර එන්න නයනා එන්න....

ඉල්ලුවේ එක නැවකි කෑ ගැහුවා වැඩිකමටද මන්දා තවත් තෙල් නැව් දෙකක්ම මග එතැයි ආරංචිය…. මේ සියල්ල අතරතුර කාලයක් පුරාවට අව්කට්ටේ වේලී, වැස්සේ තෙමී, රාත්‍රියේ නොනිදා, බැටන් පොල්ලෙන් අනන්තවත් පහර කමින් කලාවු සටනේ තීරනාත්මක රාත්‍රිය ඊයේ උදා විය…. ඒ සයිටම් වෛද්‍ය විද්‍යාලය තහනම් කිරිමය. එය එදා මෙදාතුර ශිෂ්‍ය ප්‍රජාව විසින් උපන් නුපන් සමස්ත දරුවන් වෙනුවෙන් ලැබු විශිෂ්ට ජයග්‍රහනයක් විය හැක…. තමන් තුන්වෙනි පාන්තිකයෙක් යැයි අමතකකොට සයිටම් වෙනුවෙන් කඩේ ගිය ගොඩක් අය කුහකයෝ දින්නයෑයි බයිල කියනු සහතිකය…. එහෙත් කාටත් අමතක වුයේ ඒ කුහකයන් මේ ජයග්‍රසනය ලැබුවේ කෙසේද යන්නය…. විශ්ව විද්‍යලයක රැඳෙන පැයක් දිනයක් සතියක් වැඩිවීම යනු ඊට සාපේක්ෂව ඉන් පිටවීමට ඇති දින ගනන වැඩිවීමකී. එය තුන්වෙනි පංන්තියේ දරුවන්ට තදින් දැනෙන්නේ තවදුරටත් ගෙදරින් යැපෙන්නට නොහැකි නිසාය. එක සෙමෙස්ට එකක් මගහැරිම යනු ඔහු හෝ ඇය තවත් වසරකින් පසුපසට යාමය…. ඒ තුල එකතුවෙන පැවරුම් පර්යේෂන අහස උසටය මගහැරෙන දේශන ගිනිය නොහැකි තරමට මගහැරී පාරේ රස්තියාදු වුයේ ඒ කුහකයන්ය. මේ සියලු දේ කැපකොට උන් ලැබු නිදහස් අධ්‍යාපනයයේ අයිතිය මතු පරවෙනුවෙන්ද ඉතිරි කරන්නට දත කෑවේය. මේ උද්ඝෝෂණය වෙනුවෙන් පෙනී සිටියේ එහෙව් කුහකයෝය…. රටකට මෙලෝ වැඩක් නැති සුදු අලියන් නාවමින් දෙක පාස්නැති විශාලම ඇමති මණ්ඩලයක් පඩිදෙමින් නඩත්තුකරන පොදු ජනතාවගේ දරුවන්ට ඉතිරි වු අධ්‍යාපනයේ අයිතිය ඉල්ලන්නට නිදහසක් තිබිය යුතුය…. බුද්ධිගලනයට අත දෙමින් රට කරවන ඈයෝ අධ්‍යාපනයට කෙනෙහෙලිකම් කලේ අද ඊයේක නොවේ…. තවදුරටත් එය එසේ නොවිය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අරමුනයි….

 

සියල්ලෝම ඉගෙන ගන්නවාට අප අකමැති නැත…. මෙය අපේ ජයග්‍රහනයක් හෝ අනෙකාගේ පරාජයක් යැයි උදම් අනන්නේද නැත…. අප පෙනී සිටියේ අධ්‍යාපන නිදහස කප්පාදු කරමින් විශ්ව විද්‍යාල පද්ධතිය නන්නත්තාර කොට කඩවල් ඇරීම වෙනුවෙනි…. ඡන්ද ගුන්ඩුවක් ලෙස හෝ එය හිමිවීම යෙහෙකි…. අප තවමත් සිතන්නෙ අමර නයනාට වගේම කෝටිපති බේබිලාටද එකම සල් ගසෙන් මල් නෙලිය හැකි බවයි…. අරගලයට ජය….


උපුලි පුන්සරා

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (71%)
  • සතුටුයි (29%)
  • හිනා යනවා (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)