පියුමි හංසමාලිගේ ලිප් කිස් එකේ සුන්දරම කතාව

පියුමි හංසමාලිගේ ලිප් කිස් එක

පියුමි හංසමාලි තමන්ගේ අවුරුදු 8 ක පුතාට ලිප් කිස් දෙන්නීය. ලිප් කිස් දී නිකං ඉන්නේ නැතිය. සෙල්පි ගසා ෆේස්බුක් දමන්නීය, ලිප් කිස් දෙන හැටි පොටෝ ෂූට් කරන්නීය….

 

මේවා දකින අපේ රටේ ලිං ගෙම්බෝ ටික ඒ පොටෝ බලා ආතල් අරගන්නේය. අරගෙන පියුමිගේ හත් මුතු පරම්පරාවේ ඒක සෛලීක ජීවියා දක්වාම මතක් කර දෙස් දෙවොල් තබන්නේය. හැබැයි ඒ ඔක්කොම බුකියේ විතරමය…. සැබෑ ජීවිතේ එහෙම නැත්තේය, එක් අතකින් පෝන් එක ගෙන පොටෝ බලනා ගමන් අනිත් අත වනන්නේය…. හැංගි හැංගි ආතල් අරං එළිපිට පියුමිගේ රෙදි ගලවන්නේය…. එවිට උන් සුද්ද වන්තයෝද, පියුමි කාගේත් සුන්දරියක්ද වන්නේය…. ඒ අපේ උන්ගේ හැටිය.

 

මේ සූටි ගොඩබිමෙන් එහා ලෝකයේ බොහෝ රටවල ලිප් කිස් කියන්නේ මැජික් එකක් නොවේය. සමහර රට වල සිප වැළඳ ගන්නේ නැති තරම් ය. උන් එකිනෙකාට ලෙන්ගතුකම ආදරය පෙන්වන්නේ ලිප් කිස් එකෙන්ය. ඒ උන්ගේ හැටිය. උන්ගේ සංස්කෘතිය ය.

 

අපේ මෙව්වා එකේ සංස්කෘතිය එසේ නැත. අපි හෙන විනීතය. සදාචාර සම්පන්නය. විහිළුවටවත් කුණුහරපයක් කියන්නේ නැත. කොටින්ම කිව්වොත් රහසින්වත් අසභ්‍ය දෙයක් කරන්නේ නැත. අපි එතරම්ම විනීතය, විනයානු කූලය…. එහෙව් රටක ඉඳගෙන සංස්කෘතිය කුඩු කරනා පියුමිට කාගේත් සුන්දරියක් කිව්වාට වරදක් නැත…. හැබැයි පියුමිට එළිපිට “පළමු ගල” ගසන්නට වැරදි නොකළ එකෙක්වත් නැත. අපි රහසින් පව් කලාට, එළිපිට ඉන්නේ සුදුහුණු ගාගෙනය.

 

අපේ සංස්කෘතිය අනුව පියුමිගේ ළමයා ලොකු මහත් වෙනකොට, ලිප් කිස් එක නිසා දරුවාට ලැබෙන සංඤාවේ ප්‍රතිඵලය වෙනස් විය හැක. එය අපේ මී හරක් රැල ගැටළුවක් කරගත යුතු නැත. එය පියුමි සහ ඇගේ දරුවා බලාගනු ඇත.

 

පළමු ලිංගික හැඟීම දරුවෙකුට ඇතිවන්නේ අම්මාගේ තනපුඩුවෙන් කිරි උරනා විටදී බවවත් අපේ උදවිය දන්නේ නැත. පළමු ලිංගික හැඟීම ඇතිවන්නේ අම්මා සමඟයි කිව්වාම උන් හිතන්නේ කවදාකවත් අම්මෙකුගෙන් කිරිබීපු නැති උන්ට එන අමානුෂීය සිතුවිලිය. අපේ රටේ උන් එහෙමය…. උන්ට දරුණු සෙක්ස් ඇරියස් එකක් ඇත. ඒ නිසා උන් අනිත් උන්ව මනින්නේද උන්ගේ මට්ටමෙන්මය….

 

පියුමිද අම්මා කෙනෙකි. පියෙකු නැති දරුවෙකු මහ මග දමා නොයා, වැසිකිළි වලේ නොදමා තනියම හදා වඩා ගත් තරුණ කාන්තාවකි. එම නිසා ඇයගේ වටිනාකම ඇත්තේ එතැන මිස කන්‍යාපටලයේ නොවන බව තේරුම් ගතයුතුය….

 


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (71%)
  • සතුටුයි (5%)
  • හිනා යනවා (14%)
  • දුකයි (5%)
  • තරහයි (5%)