ඒඩ්ස් තියෙන ලංකාවේ නිලියෝ ලිස්ට් එක මෙන්න

ආරංචි

අඛිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන ඇමති තුමාට අනුව ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වෙන්නේ සුළඟින්. ඒ කියන්නේ දැන් ඒඩ්ස් රෝගය හෙම්බිරිස්සාව, කැස්ස, සාමාන්‍ය උණ රෝගයක් ගානටම සීග්‍රයෙන් පැතිරෙන තත්වයකට පත් වෙලා. හැබැයි ඒ අපේ රටේ අධ්‍යාපන ඇමතිගේ සොයා ගැනීමක් විතරයි. ඒඩ්ස් කියන රෝගයට වඩා ඒඩ්ස් ගැන හරියට නොදන්නා තත්වය ඉතා බරපතලයි.

 

අපේ ලිපියේ මාතෘකාව තමයි ඒඩ්ස් තියෙන ලංකාවේ නිලියෝ ලිස්ට් එක ගැන. අපි එතනට එන්න කලින් ටිකක් වෙන පැත්තකට යමු.

 

හරි, අපි මෙහෙම හිතමුකෝ…. අපි ඒඩ්ස් රෝගය ගැන දන්නේ, ඒඩ්ස් කියන්නේ මාරාන්තික රෝගයක්, හැදුනොත් ඉවරයි වගේ කරුණු ටිකක් නම් ඇත්තටම ඔබ බය වෙන්න ඕනේ. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ඒඩ්ස් ගැන හරි හමං දැනුමක් නැති කම හින්දා….

 

අනික ලංකාවේ ප්‍රසිද්ධ නිළියන්ට ඒඩ්ස් හැදුනා කියලා ඔබ බය වෙන්න ඕනේ නැහැ. අවිශ්වාසනීය, අනාරක්ෂිත ලිංගික ඇසුරු ඔබ පවත්වන්නේ නැති නම්. ඒ අතරිනුත් නිළියන් සමඟ යහන්ගතවීමේ සිහිනයක් ඔබට නැති නම්, කොහෙවත් ඉන්න නිළියන් ගැන ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඒඩ්ස් ආසාදිත නිළියන් කවුද කියන එකත් ඔබට වැඩක් නැහැ.

 

ඔබ දැනුවත් වෙන්න ඕනේ ඒඩ්ස් රෝගය මොන වගේ රෝගයක්ද, ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වෙන්නේ කොහොමද, ඒඩ්ස් රෝගියෙක් නම් රෝගය පාලනය කරගන්නේ කොහොමද, HIV ආසාදිතයෙකු නම් ඒඩ්ස් තත්වයට නොයා රෝගය මර්ධනය කරගන්නේ කොහොමද, ඒඩ්ස් රෝගය සම්බන්ද වෛද්‍ය පර්යේෂණ මොනවාද කියන එක විතරයි.

 

ලංකාවේ අපේ කොල්ලෙක් ඒඩ්ස් වලට බෙහෙත් හොයා ගත්තා. ඒ තමයි රඛිත මාලේවන. නමුත් තව වෙනකං අපේ රටෙන් ඒ කොල්ලාට ලැබුණු අවස්ථාව ගැන, ඒ බෙහෙතට මොකද වුනේ කියන්න අපි දන්නේ නැහැ. අන්න එහෙමයි අපේ රට….

බාධක මැද්දේ අපි තව දුරටත් ඒඩ්ස් රෝගය ගැන වැඩි විස්තර කතා කරමු. මේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප එක්ක ගනුදෙනු කරන ගමන් ඒඩ්ස් ගැන කතා කරන්න ආරම්භයක් ගත්තා විතරයි.

 

අපි ඒඩ්ස් ගැන දැනගමු. එහෙනං අපිට තවත් මොකටද “ඒඩ්ස් තියෙන ලංකාවේ නිලියෝ සෙට් එක….?” අපි මොකටද අනුන්ගේ කුණු හොයන්නේ….? දැන්වත් රටක් විදියට ඉස්සරහට යන ක්‍රමයක් ගැන හිතමු. කුණු, ගොසිප් හොයන එක නවත්තමු. එහෙම නේද?


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (46%)
  • සතුටුයි (12%)
  • හිනා යනවා (8%)
  • දුකයි (4%)
  • තරහයි (30%)