හූනු බිජ්#ක් අයිති කරගැනීමේ ප්‍රචණ්ඩත්වය

විචිත්‍ර
හූනු බිජ්#ක් අයිති කරගැනීමේ ප්‍රචණ්ඩත්වය

වත්මන් ශ‍්‍රී ලාංකික ජනවිඥානය තුළ “ප‍්‍රචණ්ඩත්වය” සාමාන්‍යකරණය (normalize / trivialize) වී ඇති තරම මෙයින් හොඳාකාරව නොපෙනේද? පඩංගු “රියැලිටි” වේදිකාවල නළු නිළි කෝලංකාරයෝ හතර පස්දෙනාගේ කල්ලිවලට බෙදී උනුන් සමග “සටන්වදිති.” උන්ව පුම්බා උඩ අරින නාලිකා අයිතිකාර මුදලාලිලා ඒ රංචුවලට දමන්නේ රජ කාලේ යුද්ධ කරපු රජවරුන්ගේ සෙන්පතියන්ගේ නම්ය. එයින් තව තවත් ගොනාට අඳිමින් මෙතෙක් කල් හිටියේ රියැලිටි කෝලංකාර රිලා නට්ටන් නැටිච්චියන් සහ මෝඩ කොලු කෙලි රංචු පමණි.

දැන් බුකියේ ගොබ්බ app කරුවන් කර ඇත්තේ ප‍්‍රචණ්ඩත්වය නිකරුණේ ජනප‍්‍රිය කරවීමේ ඔල්මාදයේ ඊළඟ පියවරයි.

 

ඉවක් බවක් නැතිව ඒ දිරච්ච ලණු ගිලින සමහර බුකිවාසී අමනයන් එවිට කරන්නේ මොනවාද?

මහා ලොකු වීරකමක් මෙන් එය තමන්ගේ බුකි පිටුවේ ප‍්‍රදර්ශනය කරනවා මදිවාට රිස්ස යනතුරු අනුන්ගේ බුකි පිටුවල ද තොරතෝංචියක් නැතිව ඒ කුණුකන්දල් ගොඩගසමින් මෝඩ චූන් ගැනීමයි.

 

මේ ඔලමොට්ටල චූන්කිරීම්වල අවසාන ප‍්‍රතිඵල මොනවාද? හූනු බිජ්ජක් අයිතිකරගන්නටත් ප‍්‍රචණ්ඩත්වයම හැර වෙන කිසි ක‍්‍රමයක් නැති බව මේ අමනයින් අන්ධව විශ්වාස කිරීමයි. අන්තිමේදී ප‍්‍රචණ්ඩත්වය අනුන්ට එල්ලකිරීමට ඉඩක් කොහෙත්ම නැතිනම් උන් කරන්නේ කුමක්ද? තමාටම එය එල්ලකරගැනීමයි. රේල්පාරවල් හොයාගෙන යන්නේ, ලණු කැරලි ඉවරවෙනතුරු එල්ලෙන්නේ, අතපොවන මානයේ ආයුධයක් අහුවුණොත් තමාවම කපා කොටාගෙන වෙඩිතියාගෙන කම්බස්වී යන්නේ ඒ වියරුවෙන්ම නොවේද? ඒ ගැන පුදුමවීමට කරුණක් ඇත්ද?


තිළිණ සමරසූරිය

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (67%)
  • සතුටුයි (0%)
  • හිනා යනවා (33%)
  • දුකයි (0%)
  • තරහයි (0%)