තොපිත් නටාපිය අපිත් නටන්නං

අපේ රට
තොපිත් නටාපිය අපිත් නටන්නං

චන්දයක් කියන්නෙ වෙන රටක ෂෙඩියුල් එකකට එන දෙයක් උනාට අපේ රටේ එහෙම නෙවෙයි. දින සීයෙන් යන්නං කියල ආව ආණ්ඩුවම 2020 වෙනකල් ඉන්න ට්‍රයි කරන සීන් එකක් තමයි මෙහෙ තියෙන්නෙ. ඇයි කලිං එක? ජනමතය තමුංගෙ බූදලයක් කියල හිතාගන ඉදපු එකක් ඒක! හැමදාම එහෙමයි.

 

එක විදියකට බැලුවාම ජනතා සේවක කියල දෙයක් මෙහෙ නෑ… තියෙන්නෙ ජනතාව සේවකයො කරන සිසටම් එකක්. හොදම එක ඒක කාටවත් නොතේරෙන එක. නැත්තං කැපුවත් කොල, නිල් වගේ පාට පාට ⁣සෙට් එකක් ඉන්න බෑ නේ… ලොක්කො කියන්නෙ මොනවද සොක්කො හා…

 

හරි දැං කතාවට එමු… සමාජයීය විදියට ගත්තම මේවගේ තත්වෙක ජන්දයක් තියනව කියන්නෙ ටිකක් භයානක දෙයක්. චන්දයක් ගන්න මිනිස්සුන්ට ආණ්ඩුව ඇති වෙන්න ඕන, පාරට බැහැල උද්ගෝෂන කරන්න ඕන ජන්ද ඉල්ල. ඉතිං ආණ්ඩුව ඉස්සරවෙලා බලන්නෙම මේ රියැලිටියට මිනිස්සු එන එක වලක්වන්න. පෝට් සිටි, නෙලුම් කුලුණු, හැදෙන්නෙ රටේ අවෂ්‍යතාවයට වඩා අර කිව්ව අවෂ්‍යතාවය උඩ. සෝක් ඉතිං. රටේ සල්ලි.

 

හා…. ඒක පරණ කතාවක් දැං. අපෙ අය මොකද්ද වෙනසක් කලා, පාට. අර වගේම අයිසිං කරපු රහ පොරොන්දු ලෝඩ් එකක් දුන්න. දින 100 ප්ලෑන් එක, වොක්ස්වැගන් කම්පනිය, ඔය වගේ…. හැබැයි කරේ රටේ දේපල විකුණපු එකයි, රටේ මුදල් කොල්ල කාපු එකයි. ඔන්න එතකොට ආයෙත් මිනිස්සු රියැලිටියට එන්න ගන්නව. දැන් ආය ආයම මිනිස්සුන්ට එපාවේගන එන කාලෙ. දින100ට අවුරුදු 2ක් දැං…

 

පරණ මිනී ගොඩ එන්නෙ මේවගේ කාලෙට. මොකද විකල්ප චැනල්ස් හිර කරන්න. කවුරු කොහොම ආණ්ඩු කරත් මේ ආතල් එක මේන්ටේන් කරනව හැර රටට දෙයක් වෙලා නෑ අන්තිමට බලනකොට! කොහොමහරි වෙලා චන්දයකට ලං වෙනකොට ⁣ලොකු පිල් දෙක බහුතර බලය ගන්න කරන දේවල් එක්ක මේ ආතල් වැඩි වෙන්න ගන්නව.

 

ආගමික මාතෘකා වැඩිපුර එලියට එන්න ගන්නව, ඒත් එක්කම වර්ගවාදී / ජාතිවාදී ක්‍රියාකාරකම් වැඩිවෙන්න ගන්නව. උන්ම වැඩි වෙන්න ඇරපු බඩුවලිං රුපියලක් දෙකක් අඩු කරල ලොකුවට රටට කියනව!. කාටවත් තේරුමක් නෑ අපට ත්‍රිල් දෙන්න අපිම යූස් උන වග.

 

රටේ හැටි එහෙමයි. අඩු වැඩි විදිහට වෙන්නෙ අපිව යූස් වෙන එක. එතනදි රහත් වෙලා හිටියත්, බෝඩ් එකේ නිකම්ම නිකං ඉත්තෙක් විතරයි.


DE’

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (50%)
  • සතුටුයි (0%)
  • හිනා යනවා (50%)
  • දුකයි (0%)
  • තරහයි (0%)