තවත් උල්කාපාතයක් පාර්ලිමේන්තුවට වැටෙයි

අපේ රට
තවත් උල්කාපාතයක් පාර්ලිමේන්තුවට වැටෙයි

“මීට සුළු මොහොතකට පෙර, පාර්ලිමේන්තුවේ හදිසි හමුවීමක් පැවති අවස්තාවකදී, සියලුම මැති ඇමතිවරු පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුලත සිටියදීම අභ්‍යාවකාශයෙන් පැමිණි විශාල ග්‍රාහක කොටසක් පාර්ලිමේන්තු සංකීර්ණය මතට වැටී තිබෙනවා. අධික ශබ්දයක් සමඟ එය පුපුරා ගිය බවත්, අති විශාල ගින්නකින් පාර්ලිමේන්තු සංකීරණය වැසී ගිය බවත් ඇසින් දුටුවෝ ප්‍රකාශ කරනවා. මේ වන විට ප්‍රදේශයම කළු දුමාරයකින් වැසී පවතින අතර පාර්ලිමේන්තුවේ සිටි කිසිවෙකු දිවි ගලවාගෙන නැති බව තමයි අනුමාන කරන්නේ. මෙම ගින්න නිවීම සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවන බවත් වාර්තා වෙනවා.”


ටිකක් හිතපල්ලා මෙහෙම නිව්ස් එකක් ඇහුනොත් එහෙම අපේ හදවත් කොයි තරම් අමන්දානන්දයකට පත් වෙනවාද කියලා. රට කන මහා සමාගම මේ විදියට හරි විනාස වෙලා යනවානම් ඇත්තටම කොච්චර දෙයක්ද. කෙනෙකුට විපතක් පතනවා නෙමෙයි. නමුත් ඇත්තටම මෙලෝ සම්ම්ජ්ජාතියකට වැඩක් නැති, එදත් අදත් රට කාපු, හෙටත් කන මේ සුඛෝපභෝගී ගොඩනැඟිල්ලේ ඉන්න රට හරක් ටිකත් එක්කම මේක විනාස වෙනවා නම් රටක් විදියට අපේ පරම පැතුම ඒකයි.

 

අපිට රටක් විදියට ජාත්‍යන්තරයට යන්න හීනයක් තියෙනවා. කොන්ද කෙලින් තියාගෙන එක එකාට අධෝ මුඛය පූජා නොකර හරි ලස්සනට ජීවත් වෙන්න අපි හරි ආසයි. ඒත් කොහෙද…. මේකේ ඉන්න අසමජ්ජාතියෝ ටික හැඳි ගෑවිලා යනකං තව අවුරුදු ලක්ෂ ගානක් ගියත් අපි මෙතනම තමයි.

 

ඇත්තටම අද මෙහෙම වුනා නම්
හෙට ඉඳන් බැඳුම්කර ප්‍රශ්න වගේ ඒවා ආයේ ඇතිවෙන්නේ නැහැ
සයිටම් කතන්දර ලොවෙත් නැහැ
පොර්ට් සිටි එහෙම හොයන්නවත් නැහැ

 

මහා විනාශයකට පුළුවන් නම් රටක් සුරපුරයක් කරන්න…. අන්න ඒක තමයි මේක….

 

හැබැයි මේ ආතල් එක විඳින්න ලැබෙන්නේ සතියක් දෙකක් වගේ පුංචි කාලයක් විතරයි….
අපි ආයෙත් ඡන්දයක් තියලා, ඔය වගේම හරක් මඩුවකුත් හදලා, තවත් ගොබිලයෝ ටිකක් ඇතුලට දානවා….

 

ඊට පස්සේ ආයෙත් උල්කාපාතයක් වැටෙනකං අපි බලාගෙන ඉන්නවා….


කුලසේකර රෆායෙල් නිශාඩ්

 

(බැරි වෙලාවක හරි ඇත්තටම මෙහෙම දෙයක් වුනොත්….? ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. ඒ අදහස අපිට බොහොම වටිනවා)

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (92%)
  • සතුටුයි (5%)
  • හිනා යනවා (0%)
  • දුකයි (0%)
  • තරහයි (3%)